Thursday 5 December 2013

ආදරය කොතැනද ?

සිතිජ ඉම මත 
නිදන දිනකර 
කියාදෙන්න මට
ජීවිතය ගැන...
නිසල් විල් තල 
සසල කල ලෙස හද විලම සසලය 
නිසල නැත 
කෙසේ කොතැනක 
හමුවුනිද එය 
කියන්නට මා 
තව සමත් නැත
අකුරු හතරක 
වචනයකි එය 
කාටත් පොදු 
නිරයටද දෙව්ලොවටද 
මං කියන....

.....අපුර්වා ......