Thursday 23 January 2014

අම්මා ලියු කවි


හිමිගෙන් ලැබෙන අවමන් නොමිනිස් කමට
හිත කීරි ගැහි වැළපෙයි රහසින් නිතර
එනමුත් සිහි කරමි මම මගේ මිනිස් කම
මතු දින හැර යන්න නොපැකිල කරුණ කීම

කරුණා දයා පිදුවත් එම සොදුරු පෙම
ලෙංගතු සිතක් සගවා මා නිතර දැන
මගේ දරුවන්ගේ සැනසුම හා සතුට හැර
මා පැතු  සතුටක් ලොව නැහැ තිබුනේ දැන

මට නොලැබෙනු  සැනසුම නුබලට ලැබෙන්නයි
මතුදින ශිල්ප දැන ලොව ජය ලබන්නයි
මිනිසත්කම රැකගෙන දිවි ගෙවන්නයි
අම්මා සිහිකර කදුලක් නොඑන්නයි

අම්මා




2 comments:

  1. හ්ම්ම් ඒ තමයි අම්මා..... පට්ට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සහෝදරයා

      Delete