Thursday 2 January 2014

ඇත්තටම අලුත් ද?

අලුත් අව්රුද්දක්.හැමෝම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියල සුබ පතනවා.ඇත්තටම ඇහෙම වෙනවා ද? මේ දවස් හොදට තියෙන පවුල් වල අය කනවා බොනවා ඇති.පාර්ටි දානවා ඇති.එත් කව්රුත් හිතුවද එක වේලක් කන්න නැති මිනිස්සු අපේ රටේ ඉන්නවා කියලා ?මන් කියන්නේ නැ  තමන්ගේ සතුට නැති කරගන්න කියල. එත් ඒ මිනිස්සු ගැනත් ටිකක් හිතුවොත් හොදයි නේද? දැන් කාටහරි කියන්න පුළුවන් ඔයාට මොකෝ අපේ සල්ලි වලින් අපි මොන කලාම කියල. අනේ ඔව්. මට කමක් නැ  මොනවා කලත්.එත් ගිය අව්රුද්දෙ කරපු වැරදි මේ අව්රුද්දෙත් කරනවා නම් ඒ අව්රුද්ද අලුත් අව්රුද්දක් වෙන්නේ කොහොමද? සල්ලි කියන දේ තියෙනවා නැති වෙනවා. ඉතුරු වෙන්නේ තමන් කරපු හොද දේවල් විතරයි.
කාටහරි කියන්න පුළුවන් ඇයි මට මේවා කරන්න බැරි කියල. දන්න මිනිස්සු දන්නවා ඇති මන් කරන දේවල්. ඒ  මට පුළුවන් තරමින්. තමන්ගේ පුතා රගර් මැච් ඒකෙන් දිනපු සතුටට මිල අධික කාර් අරන් දෙන තාත්තල ඉන්න රටේ එදා වේල පිරිමහගන්න සටන් කරන පිරිසකුත් ඉන්නවා කියල මතක් කරන්න.අර මන් කියපු සුපිරි පන්තියේ කාර් වලින් යන අයට නම් මේවා පෙන්නේ නැ. අපි වගේ ලංගම බස් එකේ සීසන් එකෙන් යන මිනිස්සු විතයි ඒවා දකින්නේ. පාරේ ඉන්න මනුස්සයෙක්ට බත් එකක් දෙන්න හිතන්නෙත් අපි විතරයි.
කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ අව්රුද්ද තමන්ට වගේම අනුන්ටත් සතුටින් ඉන්න පුළුවන් අව්රුද්දක් කරන්න පුළුවන් නම්, එක තමයි අලුත් අව්රුද්ද.
ඉතින් හැමෝටම සුබ අලුත් අව්රුද්දක්.

වචන සැර  වැඩිද මන්ද . තාම මම අලුත් නේ... අඩු පාඩු තියෙනවා නම් කියන්න. හදාගන්න උත්සහ කරන්නම්.

අපු..





4 comments:

  1. අපෝ සැර වැඩි නෑ... :)

    අලුත් අවුරුද්දෙ අලුත් සිතිවිලි :)

    ReplyDelete
    Replies
    1. අව්රුද්ද පටන් ගත්තේ හොද සිතුවිලි වලින්. :) බොහොම ස්තුති

      Delete
  2. Replies
    1. අපෝ නැ.. පොඩ්ඩක් වත් සැර නැ.

      Delete